
(අංජුල මහික වීරරත්න)
ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්‍යකර්මයකින් සුවය ලැබූ දැරියකි.
ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අතර අක්මාව අකර්මණ්‍ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්‍රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්‍රතිකර්මයයි. මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්‍ය වේ.
අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්‍ය සේවාවේ වර්ධනයේ දර්ශකයක් ලෙස සැලකේ.
උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්‍යස්ථානය භාරයේ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිධන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින..." මීට දශක කිහිපයකට පෙර නම් අක්මාව ආශ්‍රිත රෝගීන් ලෙස මේ රටේ අසන්නට ලැබුණේ සෙංගමාලය සහ සිරෝසිස් රෝගය වැළඳුණු අය පිළිබඳවයි. නමුත් වර්තමානයේ, නිදන්ගත (chronic) අක්මා රෝග තිබෙනා දරු පරපුරක් දක්වා පැතිරී යාමට හේතු සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම විවිධ මේද වර්ග සහ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අලෙවි කරන අවන්හල් ජාලවල අලවි කරන ආහාර පිළිබඳව විධිමත් රෙගුලාසි පැනවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
චන්දෙන් පස්සේ ඔතනින් තමා අක්මාවක් ගන්න වෙන්නේ .කලින් ඇවිත් තැන බලන් යන එක හොඳයි
JVP නායක රෝහණ විජේවීර සහෝදරයාගේ බලාපොරොත්තුව ඉටු කරමින් ... පූර්ණ සමාජවාදය වෙනුවෙන් - JVP අපි...
අපේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු ගොඩක් තිබුණත් විවිධ මිනුම් දර්ශකවලින් බැලුවාම ඒ්ක විතරයි දියුණු රටවල් ඒක්ක යම් මට්ටමකට හරි සසඳන්න පුළුවන්. ලංකාවේ ඉංජිනේරු, එකවුන්ටින් වගේ ක්ෂේත්‍රවල ඉන්න අයගෙන් රටේ දියුණුවට ලොකු දෙයක් කරන්න පුළුවන් වුණත් වෙලා නෑ.