IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළොම්පුර හැඩ කරන නවම් පෙරහර වීදි සංචාරය කරයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින  පෙරහර අද (15)පස්වරුවේ වීථි සංචාරය කෙරේයි.

පෙරහරේ මංගල හස්ති රාජයා වූ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සධාතුක කරඬුව තැන්පත් කළෝය

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා,ගංගාරාම විහාරස්ථ දායක සභාවෙි සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ  ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි සහ විහාරස්ථ ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමිවරුන්ගේ මූලික අධීක්ෂණයෙන් පෙරහර  කටයුතු සංවිධාන කෙරිණි.

මෙවර නවම් පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 43වැනි වරටයි. 

නවම් මහා මංගල්‍යයේ අවසන් පෙරහර හෙට (16)පස්වරුවේ වීදි සංචාරය කරයි

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 

 

 

 

 

 

 



අදහස් (0)

කොළොම්පුර හැඩ කරන නවම් පෙරහර වීදි සංචාරය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site