(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
මෙම රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාර 36 ඇතත් ඉන් හයක් සති දෙකක පමණ සිට අළුත්වැඩියා නොකිරීමෙන් භාවිතයට නොගැනීම නිසා ශීතාගාර තිහකින් දෛනික සේවා සැපයීමට සිදු සිදුව තිබේ
ඉන් තවත් ශීතාගාර දෙකක වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරෙන ශරීර අවයව කොටස් තැන්පත් කර තැබීමට සිදු ව ඇති බැවින් ඉතිරිව ඇත්තේ ශීතාගාර 28 පමණක් වන අතර ඒවායේ හඳුනා නොගත් මලසිරුරු මෙසේ තැන්පත් කර තැබීමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි .
මෙහිදී කෝවිඩ් ආසාදිතව මියයන පුද්ගල මළ සිරුරු මෘත ශරීරාගාරයට පැමිණීමේදී ඒවා තැන්පත් කිරීමට පහසුකම් සැලසිය යුතු නිසා ඇතැම් අවස්ථාවලදී හඳුනා නොගත් මළසිරුරු දෙක තුනක් එක ශීතාගාරයක බහා තැබීමට සිදුව ඇතැයි පැවසේ.
මෙවන් තත්ත්වයක් මත විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සඳහා අවට රෝහල් වලින් මෙම රෝහලට දෛනිකව ගෙන එන මළ සිරුරු පරීක්ෂණ අවසන් වන තෙක් ශීතාගාර වලින් බාහිරව තැබීමට සිදුව ඇති අතර යම් විටෙක මිය ගිය පුද්ගලයාගේ භාරකරුවන් දුර බැහැරක සිට පැමිණීමට ප්‍රමාද වුවහොත් එම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබෙන කාල සීමාව දීර්ඝ වන බව ද පැවසේ.
මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වැල්ලවත්ත මිරිහාන පිළියන්දල හෝමාගම කඩුවෙල වැලිකඩ කොට්ටාව ගල්කිස්ස තලංගම කොහුවල දෙහිවල බොරලැස්ගමුව යන පොලිස්වසම්වලින් රැගෙන ආ හඳුනානොගත් මළසිරුරුවල පරීක්ෂණ කටයුතු අවසන් කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නොකිරීම බවද පැවසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රටවල්වල මෙහෙම සිද්ද වෙනවා! යම්කිසි කෙනෙක් මරණයට පත්වීමෙන් පසු ඒ ආධාහන කටයුතුවලට වගකිවයුත්තන් සොයනතෙක් මාස 3ක් මේ මළ සිරුර ශීතාගාරයක තැන්පත් කරනවා. ඊට පස්සෙත් බාරකාරයෙක් නොසිටියොත් මේ සිරුර පුලුස්සලා ඒ අලු භාජනයක නම, ගම සහිතව අවුරුදු 10කට තැන්පත් කරනවා. ඊට පස්සෙත් භාරකාරයා සොයාගන්න නොලැබුනොත් ඒ අලු විනාශකරලා දානවා.