
(යොහාන් භාසුර)
ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කහ ඇතුළු සෙසු කුළු බඩු ආනයනය හා අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කළ හැකි අතර ඒවාට දේශීයව සියයට 35 ක අවම අගයක් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් බිත්තර විතරක් නොවෙයි ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු, කහ, කොස්, දෙල්, පොල් හැම මගුලක්ම ගෙනත් කවන්න යන්නේ. ඇගේ පතේ හයිය තියන ඒ අය කුලී වැඩට රට ගිහින් ගෙදරට සල්ලි එවලා ඉන්දියන් කෑම කවන්න යන්නේ. ගෑනි ගෙදර තියා මං පිටරට ගියා... මං එනතුරු ඉන්දියාව ඔවුන්ව බලාගනියි නිරතුරු....//
ඔය ඉඩදීලා තියෙන්නේ ඉන්දියාවේ කුලූබඩු ලංකාවට ගේන්න. ලංකාවේ කුළුබඩු වලට තියන ඉල්ලුම නැතිකරන්න හදන්නේ. ඒ විතරක් නොවෙයි ඉන්දියන් කාරයින් ඇවිල්ලා හැම දෙයක්ම ඩිස්ට්‍රොයි කරන්න හදන්නේ. කොළඹ 1 සිට 6 දක්වා හැමතැනකම ඉන්දියන් කාරයින් වැහි වැහැලා... අනෙක් අයට කරදර වෙන විදිහට තමයි හැසිරෙන්නේ... විනය කියන දේවල් ගණන් ගන්නේම නැහැ. සුපර් මාර්කට් වලට ගියත් හැසිරෙන්න දන්නේ නැහැ පෝලිම පවා පනින්න හදනවා.
යහපාලන රජය කාලේ හම්බ සෙට් කාලේ ප්‍රතිඅපනයනය කරන්න ගිහිල්ලා අපේ ගම්මිරිස් ව්‍යාපාරය විනාශ කිරීමයි...
අපේ රටේ නිෂ්පාදිත කුළුබඩු වලට ලෝකයේ ' ඉහලම පිළිගැනීමක් ' තිබෙනවා. ඒ ඒවායේ අඩංගු රසායනික සංයෝග වල ඇති ඉහල සාන්ද්‍රණ ප්‍රතිශතය අනුව ලද ඉහලම ප්‍රමිතිය නිසයි. ඒ අතරේ ඒ කුලුබඩුම ( නමුත් අඩු ප්‍රමිතියකින් යුත් ) වෙනත් රටවලින් ආනයනය කොට යලි ප්‍රති අපනයනය කිරීමෙන් සිදුවන්නේ,අපේ රටෙන් අපනයනය කරන අපේම කුළුබඩු පිළිබඳව ලෝකයේ ඇති ඉහලම පිළිගැනීම මදක් අඩුවී,ඔවුන් තුල ' සැකයක් ' ඇති කිරීමයි. පට්ට මෝඩයාට ඒ බව වැටහෙන්නේ නැහැ, ඕන ජරාවකට අවසරදෙමින් ගැසට් ගහනවා.ඔහොම යමං තව මාස කීයද ...කාලකන්නියා රට නැත්තටම නැති කරනවා.
ඇත්තටම රටේ පාලකයින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැද්ද විදේශවලින් කුණු ගෙනවිත් අපේ සම්පත් නැතිනාස්ති වීමට කටයුතු කලාම හෙංචයියො එකෙකුට දෙන්නෙකුට උන්ගෙ ව්‍යාපාර දියුණු වෙන්න පුළුවන් වේවි ඒත් දේශීය ගොවියා හා වගාවන් පරිහානියට පත්වෙලා දේශීය සම්පත් නැතුව යාවි එම කර්මාන්තයේ යෙදුනු දහස් ගණනක් ශ්‍රමිකයන්ට රැකියා නැතුව යාවි යහපාලනය කාලයේ එකෙක් ඔහොම ගම්මිරිස් ගෙනාවා දේශීය ගොවියා අනාත වුනා ඒකාලේ හිටපු ඇමතියෙක් කිව්වෙ තීරු බදු ලැබෙන නිසා එහෙම කරනවා කියලා තමයි ස්වාභාවික දෙයකට අගය එකතුකරනවා ගම්මිරිස් වලට ගස්ලබු ඇට එකතුකරනවා වගේ වැඩක් තමයි ඕස්ට්‍රේලියාවේ දරුවො බලන්න ගියා මවක් දවසක් කිව්වා අගය එකතුකර සැකසූ ලංකා තේ කියලා එහි තියෙන තේ බොන්න බැහැ කියලා නැවතත් කියන්නෙ හෙංචයියො සැකසීම සදහා ඔහොම කරනවා නම් ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ අපේ තීරණය ඔය අදහස අහෝසි කරන කෙනෙකුට ලබාදීමට හේතුවක් වෙනවා කියලා මතක් කරන්න ඕන
පෙර අවසරය අත්හිටවූයේ ඇයි ?එම අවස්තාවේදී කරන ලද දූෂණයන් ?එම දූෂණයන් වැලැක්වීමට ගත් පියවරවල් ?රෑ වැටිච්ච වලේ දවලුත් වැටීමේ පුරුද්ද අත් හැරලා නැතිව වගේ ?
කවදා හෝ සිංහලේ රජෙක්ව ඉපදී සිංහලේ වනසා දමන බව එළාර රජතුමා කිව්වලුනේ නේද?