(ඉන්දිකා රාමනායක)
කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන්ගෙන් සිව්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කළුතර බන්ධනාගාරයට ගොස් සිද්ධියට අදාල ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කළුතර මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගේ විශේෂ අවසර මත මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මියගිය පාසල් සිසුවිය හෝටලයට කැඳවාගෙන ආ යෙහෙළිය ඇගේ පෙම්වතා බව කියන තරුණයාගෙන්, ප්‍රධාන සැකකරුගේ මිතුරකු වන කවිදු අංජන නැමැති අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
මොවුන් සිව්දෙනාට අමතරව දැනට ඇප මත මුදාහැර සිටින එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිණියගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි