(සුමිත් පොතුපිටිය) 

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නාය.

කළුතර දකුණ , ඉසුරු උයන , පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ  රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබාදෙන ලදී.

කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටීසිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු, පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.

සැකකරු එදින මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7 හි එකට මත්පැන් පානය කරමින් සිටී බවට අණාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සදහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සදහන් කරමින් ඉදිරි පැය 48 ක් සදහා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.