(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කළුතර ප්‍රබල දේශපාලකයකු පක්ෂ කාර්යාලයක් ලෙස බණ්ඩාරගම සමරනායක මාවතේ පවත්වාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ දෙමහල් ගොඩනැගිල්ලට මාස හයකින් කුලී මුදල් නොගෙවීම නිසා එම ගොඩනැගිල්ල අත්පත් කර ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
මන්ත්‍රීවරයා විසින් බදු පදනම මත මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන ලබාගෙන තිබූ බව කියති.
නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයකු වන ලාලින්ද හර්ෂ මහතා මන්ත්‍රීවරයා බදු පදනම මත ලබාගෙන තිබූ දෙමහල් ගොඩනැගිල්ලට මාස හයකින් කුලී මුදල් ගෙවා නැතැයි පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
මේ බව සිහි කැඳවමින් අදාල මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දී තිබූ බවත් එහෙත් ඔහු කුලි මුදල් නොගෙවූ බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කුලී මුදල් ගෙවීම පැහැර හැරියොත් එම ගොඩනැගිල්ල අත්පත් කර ගන්නා බවට ද මන්ත්‍රී වරයාට කල්තියා නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දීමක් කර තිබූ බවද පැවසේ.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ගොස් මන්ත්‍රීවරයාට අයත් බවට පැවසෙන දේපොළ ඔහුට භාරදී ගොඩනැගිල්ල අත්පත් කර ගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ බවද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර මන්ත්‍රී කාර්යාලයට කුලී ගෙවා නෑ
Perera Friday, 27 January 2023 04:46 AM
මාලයක් දෙකක් කඩල ඔක ගෙවල දාන්න වෙන්න අති අදහස් කලෙ..
චින්තක Friday, 27 January 2023 05:37 AM
අධිකාරියේ මහත්වරු ඔහේලා රජයේ සේවකයින්ගෙන් මුදලක් අයකර ගන්න තියෙනවා නම් කරන්නේ මොකක්ද? මාසිකව අයකරන්න ඕනෑ මුදල් විස්තරයක් අදාල සේවකයින් සිටින සේවා ස්ථානවලට යවලා අයකර ගන්නවා නේද? එහෙම නම් දේශපාලුවන් සඳහා එම කටයුතු වලංගු නැද්ද? ඒ බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙතට යොමුකිරීම් නොකර පොලිසියට කිව්වේ ඇයි? දැන් හිඟමුදල් ගන්නේ කොහොමද? එනිසා මෝඩයින් නොවී දැන්වත් ගොඩනැගිලි කුලියට දෙනවිට එහෙම අයගේ වැටුපෙන් අයකර ගැනීමට හැකිලෙසට ගිවිසුම් හදන්න...