
(සුමිත් පොතුපිටිය)
කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර හීනටියංගල කොච්චිකොටුව ප්‍රදේශයේ නිවාස රැසක් මැද පිහිටි වසා දමා ඇති නිවසක් මෙසේ ගිනිගෙන දැවී තිබේ.
කළුතර මහ නගර සභාවේ ප්‍රධාන ගිනි නිළධාරී න් ගිනි නිවන රථ දෙකක් රැගෙන ගිනි භඨයින් සමග එක්ව අවට නිවාස වලට පැතිරී යාමට ඉඩ නොදී ප්‍රදේශවාසීන් ගේ ද සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.
ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති අතර , සිදුව ඇති දේපල හානිය ගණන් බලා නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායන කාලේ මේවගේ ගිනි ඇතිවීමේ ඉඩකඩ වැඩියි. විදුලි කම්බි අටවලා තියෙන අය ප්‍රවේශම් වෙන්න.