(සුමිත් පොතුපිටිය )

කළුතර දකුණ දුම්රිය ස්ථානයේ  කලහකාරී ලෙස හැසිරුණ  කිසියම්  පිරිසක්  දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට  ගල්මුල් වලින් පහරදී දේපල වලට හානිකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි . 

දුම්රිය ස්ථානාධිපති වරයා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ  පරීක්ෂණ ආරම්භ කර තිබේ .

රාත්‍රි 10.30 ට පමණ බීමත්ව පැමිණි පිරිස දුම්රිය ස්ථානයේ  තාප්පයට මුත්‍රා  කිරීමට සූදානම්වී ඇති බවත් දුම්රිය සේවකයින් එයට විරුද්ධ වීම ගැටුමට හේතුව බවත් සදහන් වේ.

පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර මල් පෝච්චි තුනකට සහ මගී ආසනයක් පෙරලා ඇති බවත් ස්ථානාධිපති වරයා ඇතුළු දුම්රිය සේවකයින් බිත්ති වලට මුවාවී ආරක්ෂාවී ඇති බවත් දුම්රිය සේවකයින් පවසති .

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.