
(සුමිත් පොතුපිටිය )
කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය.
කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර ඇතුළු නගර මධ්‍යයේ තැන තැන තිබූ වෙළද සැල් 250 ක් පමණ මෙසේ කඩා දැමීම සිදුකරන ලදී.
කළුතර නගර සභාව, කළුතර පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින් සීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳසැල් හිමියන් රාත්‍රී කාලයේ නිවාස වලට ගොස් සිටි අතර , වෙළදුන් කිහිපදෙනෙක් එහි රැදී සිටින ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ වෙලඳසැල් වලින් බඩු ගන්න පාරිභෝගිකයින් බොහෝ පිරිස ඉන්නව වගේම පවුල් බර ගනනක් යැපෙනව. ඒ වගේ වෙලඳ සැල් වලට වෙනම තැනක් දීල යම් පාලනයක් ඇතුව වැඩ කරගෙන යන්න දුන්නානම් හොඳයි නේද?