
(බී.ජී. චතුරංග)
කාපට් යොදා අළුතින් ඉදි කරන ලද මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කම්මක්කුලම - ධර්මාලෝකගම මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කරන ටිපර් රථ ධාවනය කිරීම හේතුවෙන් මාර්ගය යලි කැඩී යාමට ලක්වන බව පවසමින් ගම්වාසීහු පිරිසක් අද (5) එම මාර්ගය හරස් කර ටිපර් රථ නවතා දමා උද්ඝෝෂණයක නිරත වූහ.
වසර පනහකට අධික කාලයක් හරිහැටි ප්‍රතිසංස්කරණයක් නොකෙරුණු මෙම මාර්ගය ලෝක බැංකු ආධාර යටතේ මහා මාර්ග අමාත්‍යාංශය මගින් මීට මාසයකට පමණ පෙර කාපට් අතුරා ජනතා අයිතියට පත් කල බව මෙහිදී ගම්වාසීවූ පෙන්වා දුන්හ.
අඩසිය වසරක් පුරා මෙම මාර්ගයේ පැවති දැඩි අබලන්තත්වය හේතුවෙන් බලධාරීන්ගෙන් වසර ගණනාවක් පුරා සිදු කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම මාර්ගය සංවර්ධනය කර ගැනීමට හැකිවූ බවත් මාර්ගය විනාශ වන අයුරු බලා සිටීමට නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.
මෙම මාර්ගය භාවිතා කරමින් කළුගල් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාර්ගයට දැඩි හානි සිදුවන බවත් මේ වන විටත් බෝක්කුවක කොටසක් පැලී ගොස් ඇති බව පවසමින් කළුගල් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයක් ගමන් කිරීමට ඉඩ නොදී , එය රඳවා ගෙන එම මාර්ගය අවහිර කිරීමට ප්‍රදේශවාසීහු මෙහිදී කටයුතු කලහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග වලට හානිකිරීම් නැවතීමට නීති සැකසීම හා ක්‍රියාත්මක කිරීමට නොපමාව පියවර ගතයුතුයි. විදෙස් ආධාර මත මාර්ග සකසා කඩාබිඳ දමනවා නටපු තොවිලෙකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ... මේවා බලන්න කෙනෙකුත් නැහැ. ඊළඟට පළාත් පාලන ආයතන සතු මාර්ග ගැසට් එකේ තිබුණත් ඒවා තියෙන්නේ කොහේද බලධාරීන් දන්නේ නැහැ... ඒවාට කරන හානි ගැන බලන්න කෙනෙක් නැහැ. ඊළඟට ගැසට් පත්‍රයේ තියෙන නමින් නැතුව ගූගල් මාර්ග වෙනස්කර තියෙනවා... ඒවා ගැන බලන්න කෙනෙක් නැහැ. කවුරු කෙසේ මේක කරනවද දන්නේ නැහැ. සියලුම මාර්ග වලට හානි නැවැත්වීමට කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ.
කලුගල් නෙවෙයි, ඕනෑම දෙයක් ප්‍රවාහනය කළ හැකි පරිදි පාරවල් හදන්න. එතකොට බර වාහන යන්න, වෙනමම පාරවල් නැහැනේ... ඒවායේ යන්නේත් අපි වගේ කෙනෙක් පාරවල් කැඩෙන්නේ හොර යක්කු නිසා මිස වෙන හේතුවක් නෙවෙයි..