
(අංජුල මහික වීරරත්න)
පෙබරවාරි මාසය වෙද්දී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට පුළුවන් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඡන්දය යනු රටේ ජනතාවගේ ස්වර්ණමය අයිතිය බැවින් ඡන්දය නිසි කලට වේලාවට පවත්වන බව කී දිසානායක මහතා රටට අවශ්‍ය වී තිබෙන්නේ වෘත්තීයමය දේශපාලනඥයෙක් මෙන්ම රටට ආදරය කරන අර්බුද කළමනාකරණය කළ හැකි නායකයෙක් බව කීය.
ඒ නිසා සමස්ත චිත්‍රය දෙස බලන්නේ නැතිව එක කෝණයකින් බලා නිගමනයකට එන්න එපා යැයිද සියලුම පාර්ශ්වයන් එකතු වී රට ඉදිරියට ගෙනයෑමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවද නවීන් දිසානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය මීට පෙරත් සන්ධානගත වෙලා ඉදිරිපත් වුණු පක්ෂයක් බවද ඒ කාරණය පක්ෂයට වගේම තමාටත් වෙනසක් නැතැයි ද පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මහතා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"A dvisor's role කිරීම සදහා පමණක්" තෝරාගත් පළපුරුදු දේශපාලකයන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලෝම නවකයන් විය යුතු බව ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම,විස්වාසය සහ බලාපොරොත්තුව වේ. careful analysis මත පදනම්ව සියල්ල සිදුවිය යුතුබව ජනතවගේ මතය වේ. පලපුරුදු කියාගත් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කර ගැනීමෙන් සිදුවන්නේ නවකයන් හට අලුත් ගමනක් යාමේ සහ රට වෙනස් කිරීමේ යුගයේ වෙනස සහ අලුත් ආරම්බයක් රටට ලබාදීමට අපහසු වේ. ඔවුන්ගේ සම්ප්‍රදායික දේශපාලනයට ගරු කරමු. වර්තමානයේ රටට අවශ්‍ය වනුයේ නව දේශපාලන සංස්කෘතියක් මිස සුපුරුදු හරයක් නොමැති දේශපාලනය නැවත දියත් කිරීමක් නොවේ. දේශපාලන වාසි / අවාසි වෙනුවෙන් මත පළකරමින් විසදුම් නොමැති voice cut දේශපාලනය ජනතව ප්‍රතික්ෂේප කර තිබේ. ලංකාවේ අනාගත දේශපාලනය රටේ පුරවැසියන් සමග කරනාවූ විස්වාසනීය අවංක ගනුදෙවක් මිස දේශපාලකයන් 225ක ගේ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සිදු වන්නක් නොවේ.
තත්වය හොඳ වෙන්න ?ඇයි උඹලා තව සල්ලි අච්චු ගහනවද?යකෝ එකෙක් කියනවා ,දවසකට කෝටි 1000 ක් පිර රටට ණය වෙනවාලු .මූ කියනවා පෙබරවාරියේ තත්වය හොඳ වෙනවාලු .තත්වය හොඳ වෙන්න නම් බලපල්ලා ඩොලර් උපයන ක්‍රමවේදයන්