
(සුමිත් පොතුපිටිය)
උපන්දින සැම කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නැමට ගිය 15 සහ16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 17 හැව්රිදි සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි (15) , දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී කිවිදු සත්සර (17) සහ දොඩංගොඩ රතුකුරුස නිවාස හී පදිංචිව සිටී සුභානී සුපේසලා (16) නැමැති අයවලුන් බව පොලිසිය කිය.
මියගොස් ඇති සිසුවියන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයවලුන් බවද පැවසේ.
මියගොස් ඇති සිසුවා මියගොස් ඇති එක් සිසුවියකගේ පෙම්වතා බවත්, ඇයගේ මවගේ උපන් දිනය නිමිත්තෙන් විනෝදයට දියනාමින් සිටියදී මෙලෙස දියේගිලී ඇති බවත් සදහන් වේ.
ඔවුන් පළමු කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර මියගොස් ඇති එක් සිසුවියකගේ ඉල්ලිම මත කළුගගේ කලපුවට දියනැමට පැමිණ ඇති බවද සදහන් වේ.
සිසුවියන් දෙදෙනා පළමුව දියේගිලී ඇති බවත්, ඔවුන් දෙදෙනා බේරාගැනීමට සිසුවා උත්සාහ ගැනීමේදී ඔහුද දියේගිලී ඇති බවත් සදහන් වේ.
දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති මොහොතේ උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටී බෝට්ටු සහ ජෙට්ස්කි කිහිපයක් ආ අතර, ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
-----------------------------------------------
(සුමිත් පොතුපිටිය)
කළුතර කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නාමින් සිටී 16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 15 හැව්රිදි පාසල් සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල සහ දොඩංගොඩ ප්‍රදේශයේ තිදෙනකු බව පොලිසිය කිය.
විනෝදයට දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති අතර, ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගත කිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට
pakeer Monday, 15 January 2024 01:51 AM
අම්මලා කියන්නේ ..නමට අම්මලා ...පිස්සු හැත්ත.අපරාදේ ළමයි
Jayantha Monday, 15 January 2024 07:39 AM
සුළු දෙයකි .දෙමව්පියන් වගකීම භාරගත යුතුය