
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ නව වසරේ වැඩ අරඹමින්, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීය.
මීට පෙර, කළු කුහර ගවේෂණයට, රොබෝ යානයක් යවා තිබුණේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. ඒ අනුව, ඉන්දියාවේ මෙම ගවේෂණ මෙහෙයුම ඉතා වැදගත් වෙයි.
ඉන්දීය විද්‍යාඥයන්, ඔවුන්ගේ මෙම නවතම රොබෝ ගවේෂණ යානය නම් කර තිබෙන්නේ, ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යනුවෙනි. කෙටියෙන් මෙම යානය හැඳින්වෙන්නේ ‘එක්ස්පෝසැට්’ යනුවෙන් යැයි ද පැවැසෙයි.
‘එක්ස්පෝසැට්’ රොබෝ යානය, උදෑසන 9.10 ට, ඉන්දියාවේ ශ්‍රී හරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත ‘පී.එස්.එල්.වී. සී 58’ රොකට්ටුවේ ආධාරයෙනි. ‘එක්ස්පෝසැට්’ රොබෝ යානයේ මෙහෙයුම් කාලය අවුරුදු 5 කි.

විශ්වයේ ඇති ලොකුම අබිරහස ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ කළු කුහරය. කළු කුහරයක් යනු, ආලෝකයට පවා පිටතට යෑමට නොහැකි ආකාරයට, ගුරුත්වාකර්ෂණය ප්‍රබල ස්ථානයකි. කළු කුහර වල ගුරුත්වාකර්ෂණය ඉතා ප්‍රබල වන්නේ, ඒවා තුළ ඇති පදාර්ථය කුඩා අවකාශයක සංකෝචනය වී ඇති බැවිනි. තරුවක් මිය ගිය පසු කළු කුහර නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ අදහසය.
නියුට්‍රෝන තරු යනුවෙන් හැඳින්වෙන්නේ, ගුරුත්ව බලවේග විසින් දැඩිව සම්පීඩනයට පත් කරනු ලැබූ තරුවක, පරිණාම ක්‍රියාවලියේ අවසානයට පත් තරුවකි. ප්‍රමාණයෙන් කුඩා වුවත්, නියුට්‍රෝන තරු ස්කන්ධයෙන් විශාලය.
අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වී සිටී. පසුගිය 2023 වසරේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සාර්ථකව සඳට රොබෝ රෝවර් යානයක් සහ ගවේෂණ යානයක් යැවීය. ඉන්පසු හිරු අධ්‍යයනයට ‘ආධිත්‍ය’ යනුවෙන් රොබෝ යානයක් අභ්‍යවකාශයේ ඈත රැඳවීම කළේය.
එම ජයග්‍රහණවලින් ලැබූ පන්නරයත් සමඟ කළු කුහර අධ්‍යයනයටත්, නියුට්‍රෝන තරු අධ්‍යයනයටත් ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යැවීමට සියලු කටයුතු සූදානම් කෙරුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්
Lalla Monday, 01 January 2024 03:06 PM
ඕක අපේ චිචීට කිව්වා නම් කරලා දෙනවානේ. තනියම රොකට් එකකුත් ඇරපු පොරනේ....!
Perera Monday, 01 January 2024 07:23 PM
කළු කුහර ගැන දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න.