(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට අවසරදී තිබුණත් ඔහු අද (7) එම අවස්ථාවට සහභාගී නොවීය.
කතානායකවරයා මේ අවසරයදී ඇත්තේ රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.
මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට (8) සහ අනිද්දා (9) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම හොරු නිසා ප්‍රශ්නයක් නැහැ.. සහභාගි වෙමු.
අද එය ජනතාවට දෙනවා යැයි කියූ මිනී පෙට්ටිය බලන්න ගියාලු...!
හොඳටම අසනීපයි කියලා... රෝහලේ ඉන්න එක කොහොමද පාර්ලිමේන්තු ඉන්නේ...
කකුල කඩාගත්තු කෙනාගේ කකුලේ අමාරුව වැඩිවෙලා දැන් ඇවිද ගන්න බැරුව ඇති..!
ඕකව ඉස්සරහ තියා ගත්තා ඇති දැන්. පිටිපස්සෙන් පොඩි පැදුරු කැල්ලක් හරි කාඩ් බොඩ් කැල්ලක් දාලා දෙන්න ඉන්දගන්න
ටිකක් කල් ඔලුව වල්ලේ ගහගෙන ඉන්න කිව්වාද ?