(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු කැමතිනම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි ඇත.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ කතානායකවරයාගේ උපදෙස් මතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරමට පජාත වුන කතානායකයෙකුයි සෞඛ්‍ය ඇමතියෙකුයි ලොව කොහෙවත් ඉඳලා නැතුව ඇති
මේ දැක්කමයි රටක කතානායකවරයෙක් බන්ධනාගාරගත මන්ත්‍රී කෙනෙක්ව ඡන්ද විමසීමට පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස උපදෙස් දෙනවා...මේක නීතියක්ද, නැත්නම් කලින් තිබුණ සම්ප්‍රදායක්ද? හොරුන්ට අනෙක් හොරු නැතිවම බෑ ...
හොරු, මිනීමැරුම්, චෝදනා කප්පම් චෝදනා ලැබූ අය.. තව කවුද නැත්තේ...? මෙන්න අපේ පාර්ලිමේන්තුවේ සංයුතිය...
හොරු වෙනුවෙන් හොරු...!
ඒ කියන්නෙ මේ වගේ උන්නැහැලාගෙ චන්දෙන් හරි ගොඩයන්න හදන කතානායකයෙක්.