IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක්

(නිමල කොඩිතුවක්කු)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද (12)පැවසීය.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ මහමොළකරු බවට පෙනී යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව  සමගි ජන බලවේගය මෙම විශ්වාස භංග යෝජනාව ඉතා කඩිනමින් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම විශ්වාසභංග යෝජනාවේ දී මහජන නියෝජිතයන් සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් රුධිර වංචාවේ මහමොළකරු වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳ ජනතාවට දැකගත හැකි වනු ඇති බවත් ඔහු කීවේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කඩිනමින් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙයට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පක්ෂව ඡන්ද 113ක් හිමිවූ බවත් තවදුරටත් ඔහු ආරක්ෂා කරනවාද යන්න එම පිරිසෙන් විමසන බවත් ජයවර්ධන මහතා කීවේය.

සිවිල් සංවිධාන සහ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඉතා කඩිනමින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

කෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක්

පිටරැටියා Friday, 12 January 2024 05:56 PM

වෙන ශිෂ්ඨ සම්පන්න රටක නම් ඇමැතියා මෙළහකටත් අස්වෙලා.. දූෂිත බලලෝභී දේශපාලුවන් රජ කරන රටක කවර කතාද?

:       0       2

Perera Friday, 12 January 2024 09:37 PM

කළින් පත්තු කළා වගේ තව පුස් වෙඩිල්ලක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site