(යොහාන් භාසුර)
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මහාධිකරණය වෙත රැගෙන ඒම සඳහා බන්ධනාගාර බස් රථ නොමැති වීම හේතුවෙන් පසුගිය 12 වැනිදා ආරක්ෂණ අංශය සතු වෑන් රථයක් යොදාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය කොළඹ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් බස් රථ සහ වෑන් රථ මගින් අධිකරණ වෙත රැගෙන යන බවත් එම අංශය සතුව දරුවන් රැගෙනයාම සදහා කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රථ තුනක් සහ ජර්නී වර්ගයේ බස් රථයක් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
රැඳවියන් අධිකරණයන් වෙත ආරක්ෂණය කිරීමට ප්‍රමාණවත් බස් රථ නොමැති ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂණ අංශය සතුව ඇති වෑන් රථ යොදාගැනීමට සිදුවන බවත්ඇතැම් දිනවල අධිකරණ වෙත රැඳවියන් විශාල සංඛ්‍යාවක් රැගෙන යාමට සිදුවීමෙන් කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය සතු බස් රථ හා වෑන් රථ ප්‍රමාණවත් නොවන බවත් එවැනි අවස්තාවලදී එම බන්ධනාගාරය සතු වෑන් රථ යොදා ගැනිම ඉතා කලාතුරකින් සිදුවන බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඇයි එම වරප්‍රසාද අනිත් සාමාන්‍ය සිරකරුවන්ටත් දෙන්න බැරි?
හූ ..... හොරු සමඟ හෙළුවෙන් .....
කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබුනානේ
වීල් එකක් බයික් එකක් අඩුගානේ විල් බැරෝ එකක් නැත්නම් හර්ස් එකක්වත් තිබ්බේ නැද්ද හොයාගන්න
බස්-වෑන් දෙකම නැති දවසක් ළඟදීම ඒවි. එතකොට ඇමති බෙන්ස් එක ගෙන්නගෙන අධිකරණයට රැගෙන යන්න. අපි කොහොමත් ඔය ඔක්කොටම බදු ගෙවනවනේ ...
අනේ යකෝ .රෙදි නැතුව පාරේ ඇවිදපන් .ඔයිට වැඩිය නම්බුයි .මොලේ කලඳක් තියන එකෙක් විශ්වාස කරන කතාද මේ?
නමුත්, මේ බස් රථය ප්‍රදානය කළ එක්සත්ජාතීන්ගේ ළමා අරමුදල විශේෂයෙන් දන්වලා තිබෙනවා... මේ බස් රථය සිරකරුවන් ප්‍රවාහනයට නොගන්නා ලෙස පැහැදිලිවම !!! කෙහෙළිය රඹුක්වැල්ල කියන අසික්කිත, නරුම, වනචර, බෙහෙත් හොරා, ගැනෙන්නේ ඒ කාණ්ඩයට නොවයිද?
මට සුනිල් පෙරේරගේ සිංදුවක් මතක් වුණා. වාසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා.
ඔව කියන්න පොහොට්ටුවෙ හොර නඩයට. තමුන් කවද හරි ඕකෙම කූඩුවක ලගින්න ලැබෙන්න කියල දැනට ප්‍රාර්ථනා කරනව.
ඔය හොර ඇමතියට බන්ධනාගාරය කසානා රෝගය හැදිලකස කසා මැරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.
මීට පෙරත් බස් රථ නොමැති අවස්ථාවල සාමාන්‍ය සිර කරුවන් මෙලෙස වෑන් රථ වල අධිකරණයට ගෙන ගොස් තිබේ දැයි ගරු අධිකරණයේ මැදිහත්වීමෙන් ස්වාධීන පරීක්ෂනයක් කර සොයා බැලිය යුතුය.