IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


කෙහෙළියට එළියට එන්න අවස්ථාවක්

(සුජිත් හේවාජුලිගේ )

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාටද   පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ රඹුක්වැල්ල මහතා එම විවාදයට සහභාගිවීමට  කැමති නම් ඊට අවස්ථාව සලසා දීමට කටයුතු සලසාදිය  හැකි බවයි.

කතානායක මහින්ද යාපා  අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ  අවසාන ඡන්ද විමසීමටද  කෙහෙළිය රඹුක්වැල්ල  මහතා පසුගියදා  සහභාගිවිය.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන විසි 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

බාල බෙහෙත් සිද්ධිය පිළිබඳ නඩු විභාගය අවසන් වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්  ලෝචනී  අබේවික්‍රම වීරසිංහ  මහත්මිය පසුගියදා නියෝග කළාය.



අදහස් (9)

කෙහෙළියට එළියට එන්න අවස්ථාවක්

Perera Wednesday, 10 April 2024 01:34 PM

ඔව් ඉතින් මේ අමන වැඩවලිනුත් අහිංසක මනුස්ස ජීවිත නේ නැතිවුණේ...

:       0       41

විජේසුනන්ද Wednesday, 10 April 2024 01:37 PM

මට හිතුවේ අසනීප තත්වයක් ඇතිවූ වෙලාවක උන්දැම ගෙන්වූ බාල එන්නතක් විදලා යම් අසාත්මිකතාවක් වුණොත් එළියට එන්න අවස්ථාව දේවි කියලා. ලැජ්ජාවක් තියෙන කෙනෙක් නම් ජේලර්ලා වටකර ගෙන අධිකරණයට හැර වෙනත් කොහේවත් යන එකක් නැහැ කියලා හිතෙනවා.

:       0       45

Sarath Wednesday, 10 April 2024 02:36 PM

ආවම අවස්ථාවක් දෙන්න සැඟ වූ බෙහෙත් පෙන්නන්න

:       1       29

Nandalal DE SILVA - France Wednesday, 10 April 2024 03:11 PM

ඒවට කමක් නෑ... ආපහු ඇතුළට යවන්න ජේලර් ලා වග බලාගන්න. මේ තරම් දරුණු කෙනෙකුට... නිදැල්ලේ ඉන්න දෙන්න එපා...

:       0       19

සඳුන් Wednesday, 10 April 2024 04:03 PM

ඔය බෙහෙත මෙයාව පාර්ලිමේන්තුවට ගෙන්නන්න හදන ලොක්කෙක්ගේ තට්ටෙට විදලා බලන්න බැරිද ?

:       0       19

විජිත් Wednesday, 10 April 2024 04:27 PM

එහෙම ගෙනැල්ලා ආපහු බලු කූඩුවට දාන්න අරගෙන යනකොට, පැයක් විතර ඇඳුම් ඔක්කොම ගලවලා , " බුල්සුට් එක පිටින්" දෙහිවල සත්තු වත්තේ වානරයින්ට වෙන්වුන කුඩුවක දාලා මහජන ප්‍රදර්ශනයට තියන්න.(වානරයින් සමග එකට තියන්න එපා !!! - " හොර බෙහෙත් මිනිස්සුන්ට දීලා, මිනීමරලා, අන්ධකරලා.. අපිට නින්දා කළා" කියලා වානරයින් කේන්තියෙන් සම්බෝල හදයි.)

:       0       16

දේවක Wednesday, 10 April 2024 04:35 PM

පාස්කු ප්‍රහාරය නිසා මියගිය අසරණයින්ට තවදුරටත් අවමන් නොකර වෙන අතක් බලාගත්තා නම් නරකද?

:       0       12

Lalla Wednesday, 10 April 2024 10:25 PM

යමලොවට යවන්න ඕන කෙනෙක් පාර්ලිමේන්තුවට ආයිත් ගෙන්වනවා නම් ලංකා පාර්ලිමේන්තුව ගැන ලොවට යන පණිවිඩය මොකක්ද?

:       0       0

Chaminda Thursday, 11 April 2024 11:27 AM

ඉස්සෙල්ලාම තමන් කර ගත් වින්නැහිය ඉවරයක් කර ගන්න. එලියේ ඉන්න අත උස්සපු යාලුවෝ ටික වෙන්න ඇති පොඩි වෙලාවකට හරි ගෙන්න ගන්න හදන්නේ. ඕක තමා තේරුම් ගන්න ඕනැ. මොන තරම් පාදඩ කම් කලත් නිදහස කියන එක කොයි තරම් වටිනවා ද කියලා. පාස්කු ප්‍රහාරයක් ගැන මුන්දගෙන් මොනවා අහන්නද?...... තවත් අපේ බදු මුදල් විනාස නොකර රටට වටිනා දෙයක් කරන්න හදන්න. එළියේ ඉන්න උන්ටත් තාම ලැජ්ජා නෑ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි
2024 මැයි මස 03 285 1

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්


සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට
2024 මැයි මස 03 411 0

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය


එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 469 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 1030 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 835 2

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 143 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site