IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෙහෙළියට අල්ලසෙන් තවත් නඩුවක්

(රෝෂන් තුෂාර)

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ  සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු  නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට  වැටුප් හා අතිකාල දීමනා ලෙස  ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල්  සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(10) පැවසීය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා සැකකරුවන්ට මෙසේ අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය .

මෙම පැමිණිල්ලේ තුන්වෙනි සැකකරු ලෙස නම්කර සිටි රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රජයේ සාක්කිකරුවකු ලෙස නම් කිරීමට නියමිත බවද සඳහන් කළේය.

නිශාන්ත බණ්ඩාර බස්නායක සැකකරු රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කරන බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බස්නායක මහතා නඩුවෙන් මුදා හැරීමට නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව අල්ලස් කොමිෂම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා  මෙම නියෝග නිකුත් කළේය.

සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70වෙන වගන්තිය යටතේ පවරා ඇති පැමිණිලි තුනෙහි විමර්ශන අවසන් අවසන් කර අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තුන්වෙනි සැකකරු නඩුවෙන් මුදාහැර අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් කරුණු ජනවාරි 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.



අදහස් (3)

කෙහෙළියට අල්ලසෙන් තවත් නඩුවක්

මංබයියා Friday, 10 October 2025 07:23 PM

අපේ ආගම ජාතිය රට රැකගත්තතු මේ වගේ විරුවන්ට හොරකම්කරන්න දෙන්න ඕනෑ...

:       2       24

පිටිගල මිලානෝ Saturday, 11 October 2025 07:01 AM

මහින්ද සහ හොරු හතලිහේ ප්‍රබල චරිතයක්…

:       1       7

Jagath Leanage Saturday, 11 October 2025 02:06 PM

නඩු වැටෙන විදියට, ජීවිතාන්තය දක්වා හිරේ, විලංගුවේ ඉන්න තමයි වෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site