(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අන්ද්දා (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය අද (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ.
මීට පෙර තීරණය කළ කටයුතු රැසක් පවතින හෙයින් ඒවාට ඉදිරි සති දෙකක කාලය වෙන් කිරීමට සිදුවන බව එහි දී සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව මේ සතියේදී විවාදයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාද ඉල්ලීමක් කර ඇති හෙයින් විවාදය මේ සතියේදී පැවැත්විය හැකි බව ආණ්ඩුවේ නායකයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.
මේ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය තවදුරටත් පසුවට කල් යනු ඇත.
විශ්වාසභංග යෝජනාවට පෙර වතුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධ විවාදයක්ද ක්‍රිකට් සම්බන්ධ විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබෙන බව විපක්ෂයේ නායකයන් මෙහිදී දැනුම්දී ඇත.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස්, සාගර කාරියවසම්,එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකොට එහෙමට වුනත් මහ රජාණෙනි මට වෙනු සමා කරන කොට මෙහෙම මයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා තමයි කියන්න වෙන්නෙ වේදිකාවේ කෑගහනවා විතරයි පාර්ලිමේන්තුවේ කාලය සමග ජනතා මුදල් නාස්ති වෙනවා ජනතාව රවට්ටනවා පමණයි වෙන්නෙ
සජිත් නෙවේ නේ?කඩේ යනව ඉවරයක් නැැ. කවුද පඩි ගෙවන්නෙ සජිත් ගෙ නඩෙ ද?
වන්චා දූශන නවත්වනව මිස විවාද වලින් රට පාලනය කල නොහැක එකිනෙකාට මඩ ගසා ගනිමින් වීරයන් වෙන්න හදනව මිස රට ගොඩනැගිමට අදහස් නොමත
විහිලු පක්ශ නායකයි,විහිලු පක්ෂයේ සංවිදායකයි ගෝලයෝ රොත්තයි කියන්නෙත් මේ පෙන්වන නාටකේ චරිත ටිකක්.පමනයි.එදා වේල ටුවර් දේශපාලන ය කරන ගමන චන්ද් ටිකක් හිගා කනවා.දැන් මේ රෝහල් වල පවතින අර්බුදය නෙවේ වැදගත්.ඊට වඩා ප්‍රශ්න ඇති.ඒ වුනාට මිනුස්සු වෙනුවෙන් මැරෙන්න හැදුවේ.මේ වාගේ පාන්ඩු විපක්ෂ ඉන්න කම් මිනිසුන්ට ඉන්න වෙන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය වගේ තමා.
කෙහෙළිය ඒ පැත්තට එනවා කිවුවද දන් නෑ
ඇත්තම පුතාණෝ බයයි ඔය වැඩේට.. කියන්නේ නම් කේසර සිංහයා වගේ කියලා...