(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 8 වැනිදා පස්වරු 5.30ට පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබූවේ කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
මේ අනුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන විපක්ෂය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියගේ විශ්වාසභංග විවාදය ලබන සතියේ
A dying patient Friday, 01 September 2023 01:51 PM
පොහොට්ටු මන්ත්‍රීවරු නම් දූෂිත, මොළයක් නැති අය බලයේ තබාගන්න ඡන්දය දේවි.
Rata Perata Friday, 01 September 2023 09:16 PM
ජනෙල් වලින් කොටු පැනපු මොවුන්ට ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නෑ වගේ... නැතිනම් විශ්වාස භංග ගේන්න දෙයක් නැහැනේ... ඉල්ලා අස්වෙන්න ඕනෑ...!
CK.Lankaputhra Saturday, 02 September 2023 06:06 AM
අයියෝ කවුද ඕවාට බය? අපේ ලොක්කා (අලුත්) අපිව බලා ගනීවි....
Nimal Saturday, 02 September 2023 10:45 AM
පන්නලාම දමමු.