IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට චෝදනා බාර දෙන්න දින දෙයි

 

(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබූ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබද වාර්තාවක් ජුනි 10 දින ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලිසියට අද (11) දන්වා සිටියේය.
 
සපරාදී බිය ගැන්වීමක්, අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට ප්‍රමාණවත් කරුණු මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

පසුගිය ජනවාරි පළමුවැනි දින හිටපු ඇමතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් මාධ්‍යයට අදහස් දැක්වීමට එරෙහිව අමාත්‍යවරයාගේ දියණිය කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

දැනට ඇප මත සිටින චමල් සංජීව මහතා වෙනුවෙන්  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් අනුව අදහස් ප්‍රකාශ කිරීමේ හා විරෝධය ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමේ හැකියාවක් පොලිසියට නොමැති බවය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලින් යටපත් කළ නොහැකි බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

විත්තිකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව චෝදනා ගොනු කිරීමට අදහස් කරන බව කුරුඳුවත්ත පොලිසියේ සැරයෙන් සමන් රාජපක්ෂ මහතා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.



අදහස් (3)

කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට චෝදනා බාර දෙන්න දින දෙයි

Prabha Monday, 11 March 2024 07:44 PM

මල් වඩමට ඔච්චර බය නම් විස බෙහෙත් ගත්තු අසරණ මිනිස්සු කොච්චර බයවෙන්න ඇත්ද?

:       0       40

නිහාල් Tuesday, 12 March 2024 01:13 AM

දැන් ලෙඩ හොඳද?

:       0       0

Perera Tuesday, 12 March 2024 04:26 AM

කෙහෙළියට විරුද්ධව මිනීමැරුම් චෝදනා සහ සමූල ඝාතන චෝදනා පොලීසිය බාරදෙන්නේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site