IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

2021 හා 2024 කාලය තුළදී   හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට   රජයෙන් ගෙවන ලද   වැටුප්  වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව   ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළාය.

සැකකාරියා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම සැකකාර සේවිකාව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

සැකකාර කෙහෙළිය  රඹුක්කල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට   ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරු වලට රජයේ මුදලින් වැටුප් ගෙවා රුපියල් ලක්ෂ අසූවකට අධික මුදල්  සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිලි සම්බන්ධයෙන් මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



අදහස් (6)

කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

කව්ද බෝයි Thursday, 12 June 2025 12:35 AM

"බල්ලොත් එක්ක ලැග්ගාම, මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියලා අහලා තිබුණට, හරියටම තේරුම දැනගත්තේ මේ පුවතින් තමයි.

:       0       1

Nandalal DE SILVA - FRANCE Thursday, 12 June 2025 01:19 AM

මළ කෙළියයි... තවත් රාජපක්ෂ කෙනෙක් කූඩුවේ. මේ නම් පෝලිම කොහෙන් නවතීද දන්නේ නෑ... පව්...! 

:       0       2

සමන් - ඕමානය Thursday, 12 June 2025 09:00 AM

ප්‍රවෘතිය දැකලා මට පැරණි රසංගයක් මතක් වුනා........."පහත් තැනින් යයි ගලා ජලේ.......ඒ..ඒ.... පහත් තැනින් යයි ගලා ජලේ......"

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 11:52 AM

මොවුන් ගෑවුන තැනක් හිටියත් ලෙඩක් තමයි, අඩු පඩියට වැඩ කරලා දැන් මුන්ගේ කුණු වලට කර ගන්නත් වෙලා !

:       0       11

රුවන් Thursday, 12 June 2025 02:28 PM

කෙහෙළිය මෙයාටත් හොදට සලකලා වගේ. හරි ෂෝක්! හෙට ප්‍රවෘත්තිය "කෙහෙළියගේ බල්ලා ද කෝටි 10ක් හොරකම් කරයි."

:       0       3

කමනි Thursday, 12 June 2025 06:26 PM

හරියට තේරුනේ නැහැ. සේවිකාවද බඳවා ගැනීම් කරලා පඩි ගෙවලා තියෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 686 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site