(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට(7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත.
කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.
මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.
මේ අනුව කෙහෙලිය රඹුක් වැල්ල මහතා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇත.
මේ අතර රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මිනිස්සුද? මියගිය දරුවන්ට පණ දෙන්නද? සාපවේවා...!
රෝහල් ගතවෙන්න තරම් රෝගාතුර වුණත්, පාර්ලිමේන්තු සැසියට නොයන්න තරම් අසනීපයකුත් නැහැ. මාර පුදුම ලෙඩ මේවා..!
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදවු කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා !! හෙණ පහළ වේවා...!
මහජන නියෝජිතයකු මොනයම් හේතුවක් නිසා හෝ සිරගත වුණානම් ඉබේම එම නියෝජනය ඉබේම අහෝසිවන නීතියක් වහාම සම්මත කරගත යුතුයි. දැනට තිබෙන මෙම ක්‍රමය වැදගත් ගතිගුණ තියෙන ආචාරශීලී පුරවැසියන් වන අපිට මහත් ලැජ්ජාවක් සහ අපව මහත් අපහසුතාවයකට පත්කරන කාරණාවක්...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා...!
අපි කවුරුත් මෙයා වීරයෙක් විදියට පිලි ගනිමු .මෙයා අපේ චන්දයට සල්ලි එකතු කරන්න මහන්සි උන කෙනෙක්