(ගයාන් සූරියආරච්චි)
ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එසේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේය.
ව්‍යාජ ලේඛන සකස්කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා දැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරිම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම සිද්ධිය අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය එම නියෝගය කළාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය සී.අයි.ඩීයට
akila Friday, 02 February 2024 12:06 PM
සිංගප්පූරුව වගේ රටක මෙහම් දෙයක් වුණා නම්, ඇමැතියාට එක්කෝ මරණ දඬුවම නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ, රනිල්ට මේ රට සිංගප්පූරුවක් කරන්න ඕනේ නම් ඔන්න පටන් ගන්න ඕනේ තැන...!
KR Supporter Friday, 02 February 2024 12:37 PM
ඔහු තම මිතුරාගේ ගෙවත්තේ ඖෂධ ආනයනය නොකර අඩු මුදලට නිෂ්පාදනය කළේය. එය මහා දේශප්‍රේමී ක්‍රියාවක් නොවේද? ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ නොහැකි ඖෂධ සම්බන්ධයෙන් ඔහු ඒවා කළු ලේඛනගත ඖෂධ සමාගම්වලින් ඉහළ කොමිස් ගෙවා නැවත මුදල් ඉතිරිකරගෙන මිලදී ගත්තේය. සමහර රෝගීන් එහි ප්‍රතිඵලයක් ලෙස මිය ගොස් ඇත්නම්, එසේ නම් කුමක් ද? මේ රට ඉතා අධික ජනගහනයක් සහිත රටකි. මේ මහා දේශප්‍රේමී දේශප්‍රේමී දේශපාලකයාට මුකුත් වෙන්නේ නැහැ.
ravin Friday, 02 February 2024 01:50 PM
මම නම් හිතාගෙන හිටියේ ගිය පාරවගේ පොලිසිය කෙහෙළියගේ ගෙදරට යාවි කියලා..
Kazi Shajahan Friday, 02 February 2024 02:19 PM
අපේ රටේ තියෙන්නේ බලවතාට එක නිතියකුත්, දුප්පතාට තව නීතියකුත්... කොහොමහරි වෙන්නේ අන්තිමට දුප්පතා හිරේ යනවා..!
Hafeel Friday, 02 February 2024 04:37 PM
මේ පින් ජනාධිපතිට අවංකවම රටේ ආර්ථිකය ගොඩදාන්න වුවමනාවක් තියනවා නම්, මෙයා වගේ පට්ට දූෂිත හොරු රංචු ආරක්ෂා කරනවාද? මේ ජනාධිපතිට දැවැනි වෙන්න නැහැ සජිතුයි... මහින්ද, ගෝඨාභය ආණ්ඩුවේ හිටපු දූෂිතයින්ට මේ දවස්වල සමගි ජනබලවේගයේ සාමාජිකත්වය දෙනවා...!
achini Friday, 02 February 2024 06:15 PM
හෙණගහන්න ඕනෑ...