
(රෝෂන් තුෂාර)
සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල සැප්තැම්බර් 09 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද(25) දින නියම කළේය.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ වෙන කුසුම් ඈපා වීහේන , දියණියන් වන චන්දුලා රමලි රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා මුදල් විසුද්ධීකරණ පනතේ හතර හා තුන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇතිි බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම පැමිණිල්ල තවදුරටත් පවරා පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 09 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරමින් විමර්ශන විභාගය එතෙක් කල් තැබීය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙහෙළිය පවුලේ නඩුව ලබන 9 දා යළි කැඳවන්න නියෝග
රනේ Tuesday, 26 August 2025 08:17 PM
අපිට ඔයාව අමතකත් වුණා. මහින්දානන්ද, ශශේන්ද්‍ර මොනවා කරනවා ඇතිද? රාජිත කිඹුලා කෑවාද දන්නෙත් නෑ. මේ අලකලංචි ඔක්කෝම රනිල් ලොක්කා නිසා. ලොක්කා බය වෙලා. අපි ගියා ඉතින් එහේ. පව් අනේ අසරණයා හොඳටම ලෙඩත් වෙලා.