(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ  කලක් තිස්සේ අරක්ගෙන සිටි  පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවත්  අධිකාරියෙන්  මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ  එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ  වාඩි වෙනවා යැයි  පවසා  තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය.

අධිකාරියෙන් ඉවත් කළ පසු ඒ  විශේෂඥයා එම ආයතනයට විරුද්ධව කැරලි ගසමින් රට වටා යන බවද  අමාත්‍යවරයා කීවේය.

රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.