
(මනෝප්‍රිය ගුණසේකර)
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණීළ්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිව... නැතිව...! කොහොමත් මෑන්ස් බබා පාට් එක තමා රඟපාන්නේ...!
මෙයා උක්කුන් බබෙක්ද?
උපුල් දෙණිය වගේ හුළඟටත් වැනෙන කෙනෙක්ගෙන් මීටවඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
අනෙක් රැඳවියන් අරන් යන බස්එකේම කෙහෙළියව අරන් යන්න...
අම්මා අප්පාගේ භූදලයක් කියලා හිතුවද දන්නේ නැහැ
මෙතුමා නේද බෙන්ස් එකෙන් පාර්ලිමේන්තුවට එදත් ආවෙ, අදත්-හෙටත් බෙන්ස් එකෙන්ම තමයි එන්නෙ කියල පාරම් බෑවේ. එහෙව් එකේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට තිබුනෙ උසාවි යන්නත් බෙන්ස් එක්ම ලෑස්ති කරල දෙන්න. මේ සේරටම වග කියන්න ඕන මැතිවරණ හරහා මෙවැන්නන් දියවන්නාවට දක්කන රටේ ජනතාවම තමයි.
පිලිකා රෝගින්ට දුන් හොර බෙහෙත් දුන්න එවා නින්දෙදි මතකෙට.එනවා. එතකොට යමපල්ලන් මගේ බෙල්ලම මිරිකන එක සිහියට එනවා.
මූව බන්ධනාගාරෙ ඇතුලට දවසක් දැම්මා නම් , අනිවාර්යයෙන් මූට ගහල මරනවා .. එක දවසක් මූව දාපන් ඇතුලට කාලකන්ණි ය.
බන්ධනාගාර වාහනේ VIP සහ පොඩි අයට අයට බස් එක මේ දවස්වල බන්ධනාගාරේ වාහනේ රෙපෙයාර් රිපෝට් හදලා තියෙන්නේ.
මේ වගේ පවුකාරයන්ට හෙන හත වදින්න ඕනේ අහිංසක රෝගීන් අමාරුවේ දැම්මට.
කෙහෙළියගේ ඇඟේ හිටපු බලු මැක්කෝ ඒ වාහනයේ බෝවෙලාලු...