(මනේප්‍රිය ගුණසේකර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ ඇප යෙදුම්පත් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නඩු විභාගය අවසන්වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියම කළාය.
සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමට හැකියාවක් ඇතැයි අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයි සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.
සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම් සම්බන්ධයෙන් නියෝගය විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත්කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය මඟහැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැකකරුවන් 09 දෙනා ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් තිරිසන් මිනිස්සුද? ජීවිතය යදින ලෙඩ වූ මිනිසුන් ඇඟට ඩයි වතුර ඉන්ජෙක්ට් කරන්න. හරි ගණන් හිලවු කවදාවත් එන්නේ නෑ, මැරුණු ගණන ජීවිතේ පුරාම විඳවන මිනිස්සු ගැන. මේ එක කෙනෙක් වත් මොවුන්ගේ පැලැන්තියේ නොවෙයි. අන්ත දිළිඳු මිනිස්සු. මේ තිරිසන් මනස එළියට ආවේ, කන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක, තමන්ගේ ටොයිලට් එකට වායු සමීකරණ හයි කරගන්න තරම් නොමිනිස් වූ නිසා. කෙනෙක් ටොයිලට් එකේ ඉන්නේ ඉතාම සුළු කාලයක්. ඒ ටිකවත් ඉවසන්න බැරි මිනිස්සුද අපිව ගොඩ දාන්න දේශපාලනේ කරන්නේ. මුළු ලංකාවම පවු නේද?
ඉතාමත්ම විශිෂ්ඨයි.!
මේවා අනික් අයට හොඳ පාඩම්. මේ තමයි අරගලයේ ප්‍රතිඵල.
සාමාන්‍යෙයන් ලංකාවේ නඩුවක් අහලා ඉවර වෙන්න අවුරුදු 20ක් විතර යනවා නේද? ජයවේවා..!
දැන් ලෙඩ හොඳද?
ඉතාම හොඳ තීරණයක්... නඩුව අවසන් වූ පසුවත් මොවුන් ටික හිරේම තැබිය යුතුයි. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු පාහරයින් ටිකක්...!
මේ තරම් ජනතා ද්‍රෝහී වැඩක් කරලා පක්ෂෙ වුණාට මෙයා හරි කියන්න තරම් හිතදුන්නු හැටි. මොවුන්ට ඡන්දෙත් දීපල්ලකෝ තවතවත් රට කන්න.
අනිවාර්යයෙන්ම රටේ ජනතාවගෙන් 90%ක් මෙම අධිකරණ නියෝගය අනුමත කරනවා.. අධිකරණය පුද්ගලයාගේ තරාතිරම නොබලා මෙවැනි සාධාරණ තීරණ ගන්නකොට, අපට අනාගතය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්, ශරීරයට විෂ ද්‍රව්‍ය එන්නත් කරලා මිනිස්සු මැරෙන්න ඇරලා මොවුන් හරියට වැඩකරලා තිබෙන්නේ හිට්ලර්ලා වගේනේ.. හිට්ලර් මැරුවේත් තමන්ගේ ජාතියේ මිනිස්සු නෙවේනේ, සෞදියේ මෙවැනි දෙයක් කළානම් මෙලහකට මොවුන්ට ගල් ගහලා මරලා, ගෙවල් දොරවල් රාජසන්තක කරලා...
මොවුන් කෝටිපතියෝ, තව තව සල්ලි හම්බ කරන්න දුප්පත් අසරණ රෝගී මිනිස්සු මරණ මෙවැනි තිරිසන්නු උල තියන්න වටිනවා නේද..?
ආසාවේ බෑ... එතුමා දැන් දකින්න...
මොහු වංචාවක් කලේ නෑ කියලා පාර්ලිමේන්තුවේදී මොහුට පක්ෂව ඡන්දෙ දීපු සහ ඔහු ඇමැතිකමේ තබා ගත්තු 'සනිල් සහ පොහොට්ටු' කැලත් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න කියලා හරි නියෝග කරන්න ඕනෑ.
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? ලස්සන කතාවක් තියෙනවා ලුසිෆර් කියලා. ඒක ඇත්ත නෙමෙයි, නමුත් කෙනෙක් වැරැද්දක් කරාම තමන්ගේ හෘද සාක්ෂිය ඒක දන්නවා. තමන් තමන්ව කොච්චර රවට්ටා ගන්න උත්සාහ කළත්, ඒක තමන් තුළ වැරැද්දක් කළා කියන හැඟීමත් එක්ක තියෙනවා. ඒ නිසා බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ, "න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ, න පබ්බතානං විහරං පවිස්ස, න විජ්ජති සෝ ජගතිප්ප දේසේ, යට්ඨිත්තිතෝ මුච්ඡෙය්ය පාප කම්මා" - විශ්වයේ කොහේ හැංගුනත්, (මහ සාගරයේ මැද්දේ, පර්වත ගුහාවක් අස්සේ ආදී වශයෙන්) කළ වැරැද්දක (පවක) විපාක/දඩුවමින් පැන යන්නට බැහැ. ඒ නිසා මෝඩ මනුස්සයෝ, දැන්වත් තමන් කළ මහා විනාශය පිළි අරං, ඒකට සමාව ඉල්ලලා, දඬුවම් විඳලා කෙළවරක් කර ගන්න. නැතිනම් ඔබට දඬුවම් ලැබෙන්නේ මහ තැනින්. එදාට අසරණයි.
නියමයිනේ..!
නඩුකාරතුමියට දෙවිපිහිටයි...!
දැන් මේ අය ඇප ඉල්ලලා දාවි...
මෙයා ඉන්නේ ඉස්පිරිතාල අස්සෙනේ...
කොහොමද දැන් ජනතාවගේ දේපළ හොරාකාපුවාම...? තව තියෙනවා විඳවන්න...!
බන්ධනාගාරය ඉස්සරහත් මල් ශාලාවක් තියෙනවා ....
මෙම තීරණයට හිස නමා ආචාර කරමි
මෙහිදී මෙම ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමාත්‍යවරුන් දේශපාලන බලපෑම් කිරීම සහ නිලධාරීන් පුද්ගලික වාසි තකා ක්‍රියාත්මක කරන නීති රීති නොදැන සිටීමයි. දේශපාලනඥයෝ විධායකය නොව පහත් අය වෙති. දැන් සියල්ලන්ටම ඒ සඳහා ගෙවීමට ඉඩ දෙන්න. විශේෂිත විනිසුරුවරයාට තුති.
අහිංසක අසරණ මිනිස්සුන් බිල්ලට දීලා තමන්ගේ පැලැන්තියට හම්බ කරන් කන මේ අයට, ආයේ කවදාවත් නිදහසක් නම් ලැබෙන්න එපා..
මරණ දණ්ඩනය දෙන්න ඕනේ මේ කාලකන්නි මිනිහට
ආ නඩුව හෙටම ඉවරද ඒ කියන්නේ...! කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට?
මහජන මුදල් අවභාවිතා කරන කාලකණ්ණින්ට කවදා හෝ ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි.. !