
(අංජුල මහික වීරරත්න)
කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වන තුරු බලාගෙන හිටියා කොන්ද පණ තිබුණේ නෑ... කණෙන් අල්ලලා එළියට දාන්න...
තේරුමක් නැති වැඩක් මහත්තයෝ. ඔයාගේම කතාවට අනුව රෝහල්ගත වන හැමෝම සුව වී නැවත එන්නේ නෑනේ...!
පිනාධිපතිටවත් කොන්දක් තිබෙනවද මේ හොරුන්ව කනෙන් අල්ලලා එළියට දමන්න.
ඔව් ඉතින් ඉල්ලා අස් නොවුණොත් ඊළඟට ගේන විශ්වාසභංගයට පොහොට්ටු සෙට් එකට " මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වෙනවානේ...!
කොන්දක් නැති, දුර්වල කෙනෙක් රටේ නායකයා වුණාම ඔහොම තමයි. හොරුන්ට ඕන විදිහට තමයි වැඩ වෙන්නේ.
දැන් ඉතින් කට්ටියට යන තැනට කටයුතු යෙදී ගෙනඑන්නේ. අලි, පොහොට්ටු පූට්ටු දැම්මත්, සජබ අය මාට්ටු කරගත්තත් වානා. දැන් හොරුන්ගේ වෙස්මුහුණු ගැලවෙනවා...
හරි නම් අත්අඩංගුවට ගත්දවසේම ඉවත්කරන්න තිබුණා. මේකෙන් තේරෙන්නේ ඉහළම පුටුවේ ආශිර්වාදය මෙයාට තියෙන බව...
ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕනෑ ...
අපායට තමයි යන්න වෙන්නේ...
දැන් බදු ගහලත් ඉවරයි...
රටේ අසරණ මිනිස්සුන්ගේ ලෙඩට ගේන බෙහෙතින් හොරාකාලා ජීවිත අනතුරේ දාලා දැන් ඉල්ලා අස්වෙන්නේ.. මේවා මොවුන්ගේ පරම්පරාවටම හෙනගහන අපරාධ... මහනුවර මිනිස්සු මේ වගේ අය පාර්ලිමේන්තු එවන්න ඡන්දේ දෙන්නේ නූගත්කම නිසාද?
කෙහෙලිය ඔබ එනතුරු යමරජු බලා සිටියි... පසුව මයිනාද පැමිණෙනු ඇත. නාමල් ටික කලකින් පැමිණීම බලාපොරොත්තු වන්න...!
මන්ත්‍රී කෙනෙකුට තියෙන්න ඕන පින් පාට මූණක්... අපේ අයගේ මූණවල් පේනවා නේද? යක්කු, මලපෙරේතයින් වගේ... රටට වාසනාව එන්නේ කොහොමද?
රටම හොරාකාලා විනාශ කරපු මහාපරිමාණයේ හොර, දූෂිතයෝ තවමත් ඉන්නවා. ඔවුන්ටත් දෙවියන්ගේම පිහිටයි..
මෙයාගේ විශ්වාස භංගය පරදවපු 103න් දෙනාත් ඉල්ලා අස්විය යුතුයි... මේ වගේ කෙනෙකුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරපු නිසා...!
පරම්පරා ගාණකට.. මෙයාගේ ළමයිනුත් මී මුත්තෝ වෙලත් ඔවුන්ගේ ළමයින්ටත් මෙලෙහකටත් හම්බකරලා ඉවරයි. මොවුන්ගේ මලගෙවල්වලත් මොවුන්ගේ ගුණ කියන අපේ හාමුදුරුවෝ ඉන්නවනේ...!