
(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහ අද පෙරවුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරින් රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාටකයක ඇරඹුම. ඉතිරි කොටස් රසවත්වෙයි තවත්...!
ඉතිරි කොටස තවත් රසවත්..
කෙහෙළිය ඇමැතිතුමාට අසනීප වුණාලු නේද? අනේ ඉක්මණට රෝහලකට ඇතුළත් කරන්න...!
ශිෂ්ඨ සම්පන්න රටක නම් ඇමැතියා මෙළහකටත් අස්වෙලා. දේශපාලන හයිය, උද්දච්කඡම හින්දා වෙච්චි දේ...!
වෙන්න ඕන දෙයක්, ප්‍රමාදවීම් තමයි ප්‍රශ්නය...!
බාල බෙහෙත් රජයට පාඩු විතරක් නෙවෙයි... මිනිමැරුම් චෝදනාත් දාන්න.
රටේ විනාශ වී තිබෙන ආකාරය සහ විනාශයේ තරම දිහා බලද්දී, මේ මිනිස්සුන්ව අත්අඩංගුවට මොනවා කරන්නද? මේ අසංවේදි මිනිස්සු තමන්ට පැවරුණු වගකීම ඉටු නොකර බයි-දේශපාලනය කරමින් වෙනම ලෝකවල ජීවත් වුණේ! රටේ අද තත්වයත් ඒකමයි! එක හොරෙක් අත්අඩංගුවට ගන්නකොට තවත් හොරුන් සිය ගණනක් ඒ හොරකමම කරනවා.
බන්ධනාගාර රෝහල සූදානම්ද?
හෙට උදේට ඇපදුන්නා කියයි. හොරු මිනීමරුවෝ හැමදාම එළියේ. පොඩි මිනිහා ඇතුළේ...!
මුහුණෙන්ම පේනවා ඒ බව...!
ඉක්මනට තාක්ෂණික දෝෂයක් හදලා නඩුව පවත්වාගෙන යන්න බැරි කරලා ඉල්ලා අස්කර ගනිමු.
හදවතේ ආබාධයක්... කෙහෙළිය බන්ධනාගාරයෙන් රෝහලට නිදොස් කොට නිදහස්...!
කෙහෙළිය අද පාර්ලිමේන්තුවේ අත් ඔසවපු අය දැන් අත කපාගන්න... හැමදේකටම ඔසවනවා. දැන් තේරුණාද ඔය තියන පාර්ලිමේන්තුව දූෂිතයි කියලා. අපේ විශ්වාසය ඕක තමයි...
නිවන් සුව!!!
පව්, අසරණයාගේ සිද්ධාලේපත් ගාලා ප්‍රශ්න කරනවා ඇති... බෙහෙත් බාල වුණාට ඉතින් වැරැදි මෙතුමා නෙවෙයිනේ..., බෙහෙත් හදපු සමාගමට වතුර දීපු කට්ටියනේ...!
කෙළින්ම බන්ධනාගාර රෝහලට... ඊට පස්සේ මයිනා කතාකරනවා පිනාට... ඊට පස්සේ නිදොස්කොට නිදහස්...
කසකාරයෝ එන්න පටන් අරන්, පෙරහැර ළඟයි වගේ. මේ අවුරුද්දේ ඡන්දයක් ෂුවර්...!
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා...! හෙණ පහළ වේවා..! මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදෙන්න ඕනෑ... දෙවියන්ගේ ශාපය අත්වේවා!
මේ පාර නාට්‍යය ඉවර වෙන්නේ කෙහෙළිය ඇමැතිතුමා අසනීපවෙලා පෞද්ගලික රෝහලක නැවතිලාද? ඇප දීලාද? එහෙම නැත්තන් තාක්ෂණික දෝෂ නිසා කියලා නඩුව ඉල්ලලා අස්කරගෙනද...?
ගරු විනිශ්චයකාරතුමනි, මේ විත්ති කුඩුවේ දම්වැල් දමා, ගැටගසා සිටින වානර මිනිසා, මේ රටේ ජනතාවගේ ජීවිතත් සමග පරීක්ෂණ කරලා තිබෙනවා. බෙහෙත් වර්ග වෙනුවට පාටකළ ජලය ලෙඩ්ඩුන්ට එන්නත් කිරීමට දායකවෙලා තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම් වලදී, මදි නොකියන්න කොමිස් ගසා තිබෙන බව පෙනීයනවා. මොහුට "පෙර වැරැදි" හැටහුටාමාරක් තිබෙනවා. ජී.අයි. බටවගයක් හොරකම් කරලා අහුවුණා. තව ටයර් වගයක් මාරුකරලා චෝදනාවක් තිබුණා. රූපවාහිනියට ටෙලි නාට්‍යයක් අනුමත කිරීමට නම් ප්‍රධාන නිළිය බිල්ලක් ලෙස ඉල්ලා චෝදනා රැසක් තිබෙනවා. මෙවැනි භයානක අපරාධකරුවන් සිවිල් සමාජයේ තැබීම ඉතාම භයානකයි ස්වාමිනි... ඒ නිසා දඬුවමක් ලෙස මම යෝජනා කරනවා.. මේ වානර මිනිසා නිරුවත්කොට දෙහිවල සත්තු වත්තේ කූඩුවකට දමන්න කියා...