
(යොහාන් භාසුර)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම තොතරුරු අනාවරණය කරගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයේ රදවා තබා ගනිමින් කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කරමින් කරන විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇත.
‘පද්මේ’ ඒ සඳහා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් යොදවා ඇති බවත් මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම වෙනුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවත් අනාවරණ වී තිබේ.
එම නිෂ්පාදනාගාරයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සාපයක් වෙච්චි මේ අය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්..
අනිවාර්යයෙන් බලන්න ඇති බ්‍රෙකින් බැඩ්ස්..සීරීස් එක..
ඇයි මෙවා මාධ්‍යට දේන්නේ? කල යුතු වැඩේ කරන්න.
තාත්තව මාරුව උන්ගෙන් පලිය ගන්න වෙන්න ඇති
බලාගෙන ගියාම කෙහෙල්බද්දර පද්මේ කියන්නේ හොද ව්‍යවසායකයෙක්නේ .........ලෝකයටම අයීස් බෙදන්න පුළුවන් ලංකාවට මිනිහා තව ටික කාලයක් එලියේ හිටියා නම් !
මේවා දියුණු කරලා ගන්න ඕන