
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් පැමිණි යතුරු පැදිය , වීඩියෝ කිරීමට යොදාගත් ජංගම දුරකථනය සහ හොරෙයින් මත්කුඩු මිලි ගෑම් 4610 ක් පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඉකුත් 19 වෙනි දින සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකු යොදවා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියේ ප්‍රබලම චරිතයක් වූ කෙහෙල්බද්දර පද්මේ සිය පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස අමිත් ගම්ලත්ගේ තිලිණ සම්පත් නොහොත් කමාන්ඩෝ සලින්ත හා තම්මිට අවිශ්ක මල්ලී යන දෙදෙනා සමග එක්ව ඒකාබද්ධව ඉතා සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක් බවට පොලිස් විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවට දැන් දරුණු අපරාධකරුවන්ගේ නිවාසවලටත් ආරක්‍ෂාව සපයන්න වෙලා, එත් යුද්ධය දිනවපු නායකයන්ගේ ආරක්‍ෂාව ගැන කතා කලොත් මැටි ඇමතිලා ටික එනවා පිම්මේ බැණ අඬගසන්න. ලෝක ලැජ්ජාවක් මේක.
අනාගතයේදී මන්ත්‍රීගොල්ලන් වෙන්න ඉන්න අයගේ ගෙවල් එහෙම වීඩියෝ කරන්න දෙන්න එපා . ඔවුන්ව ආරක්ෂා කල යුතුයි
වපුරපුවයේ පල නෙලාගනී ඔවුන් ඔවුන්ම