(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩ පිළිවෙළ සැලසුම් කර ඇත.
"කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා"යන තේමාව යටතේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය. මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන්, සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ මහතා පැවසීය. සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් ගමේ මිනිස්සුන්ට මොනව හරි කරලා දීපන්. රටේ උන්ට දෙන්න කතා කරනවා.
මුළු රටේම මිනිස්සුන්ට සහනාධාර දීලද රට දියුණු කරන්න හදන්නේ..? මේ තරම් පහත් අය බලයට ගෙනාපු අයට මේ තුට්ටු දෙකෙන් ජීවත් වෙන්න පුළුවන් ඇති. අපි කියන්නේ සහනාධාර දීපල්ලා කියලා නෙවෙයි. ආර්ථිකය ගොඩගන්න ක්‍රමයක් හදපල්ලා කියලයි.
සහනාධාර දෙන්න හදන්නේ හඳෙන් ගෙනල්ලා වෙන්ඩැති. බොරු කයිවාරු නම් තියෙනවා. දැනට රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් දීමයි ඕනෑ කරන්නේ...