
(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
ජලාශ දෙකේම ජල මට්ටම අද (01) දින උදැසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහල බැස ඇති බවත්, ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යලි මතු වෙමින් පවතින බව එම ඉංජිනේරුවන් පැවසිය.
දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවද ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප: ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ජල මට්ටම ඉහළින් තියේවි කියලා ගණන් හදලා නේද විදුලි බිල අඩුකරන්න කිව්වේ...? අඩුකරන ගාන හදනකොට වතුර මට්ටම බැහැලා. දැන් මොක්කද කරන්නේ?