(සමන් පාලිත නානායක්කාර )

පවතින අධික වර්ෂාවත් සමග හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මේ වන විට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ්  යන පාසල් තුන හෙට(16)  දින වසා තැබීමට පියවර ගත් බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය. 

 කෙසේ වෙතත් එම පාසල්වල අඩු සිසුන්  පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන්  කැඳවා හෙට දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය කීවාය.

ආපදා කඳවුරු  ක්‍රියාත්මක පාසල්වල ද ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂ තුමිය වැඩිදුරටත් සඳහන් කළාය.