
(සුරංග රාජනායක)
අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසල තේ ගබඩා හතරක් වැටලු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒවායෙහි තිබූ කසළ තේ කිලෝ දහතුන්දභස් දෙසිය දාහතක් සමග හිමිකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
උඩුනුවර ලීමගහ ප්‍රදේශයේදී මෙම ගබඩා හතර පරික්ෂාවට ලක් කර තිබු අතර මෙම ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ කසල තේ නිෂ්පාදනය සඳහා බවත් ඔවුන් විසින් මෙම කසල තේවලට විවිධ රසායනික ද්‍රව්‍ය කවලම් කොට ඒවා කළු පැහැ ගන්වා නිමි තේ බවට පත්කර මෙරට හා විදේශ වෙළෙඳ පොළවෙත යැවීම කාලාන්තරයක් තිස්සේ සිදු කර ඇති බව පොලිසිය පවසයි.
මෙම තේ තොගය පරික්ෂා කිරීම සඳහා තේමණ්ඩල නිලධාරීන්ද පැමිණ සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ මෙම කසල තේ තොගය දවුලගල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.
විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු ප්‍රදේශිය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී අභයරත්න ගම්පොළ කඳවුර භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද උඩඅරඹ යන නිලධාරීන්ගේ උපදෙස් මත දෙවන අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක රසික සිරිවර්ධන උප පොලිස් පරීක්ෂක කුමාර පොලිස් සැරයන් 66863 බණ්ඩාර පොලිස් කොස්තාපල්වරු වන 83510 ජයන්ත 21721 පුෂ්පකුමාර 22733 කුමාරතුංග 39671 මුණිරත්න යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල තේ 13,000ක් උඩුනුවරින් අල්ලයි
hemantha Thursday, 21 March 2024 02:47 PM
මේ හැතිකරේ ඉන්නකල් ලංකාවට හොඳ නමක් නැහැ ,උල තියන්න ඕන මුන්ව .අනික් එක ලෝකේ හොඳම තේ අපේ තේ.නමුත් ජීවිතේට වහ නැති තේ බීලා ඇත්ද ?