
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර පොලිසිය අද රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
මියගොස් ඇති කාන්තාව නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් අද රාත්‍රි නිවස වටලා තිබේ.
එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව අදාල කාන්තාව පවුලේ ඥාතීන් කැදවා රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බව පොලිසිය කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ දුකට හෘදයාබාධයක් හදුනාවත්ද?
අත්අඩංගුවට ගත්තා නම්, අසනීප වුණානම් රෝහලට ගෙනියන්න ඕනෑ පොලීසිය නෙවෙයිද, ඥාතීන්ට එන්න කියන්නේ ඇයි..?