(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා මැල්සිරිපුර දිග්දෙණිය ප්‍රදේශය ඔහුගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකර වැටලීමකදී මත්පැන් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මැල්සිරිපූර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd