
(ගයාන් සූරියආරච්චි)
කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් I පොලිසි අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩතහනමට ලක්වී ඇත්තේ අනුරාධපුර කවරක්කුලම පොලිසියේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව තිරප්පනේ පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙස වටලා කසිප්පු ලීටර් 14 සහ මිලිලීටර් 250 ක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි.
එම උප පොලිස් පරීක්ෂකවරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩ තහනම් කළ බව අනුරාධපුර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd