
(අංජුල මහික වීරරත්න)
සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල් වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.
මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර් ,යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යංශය සතු වාර්තා පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව ඉහත නිලධරයා තවදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කපුටා සදුවෙනතුරු, මෝල්ගහේ දළුලන තුරු... ඔය ටෝකන් නීතිය ගෙනාවේ කවුද? අදෘශ්‍යමාන නළුවෝ? දෙවැනි පාරත් මුදල් ඇමැතිට යන්න කියයිද?
කැසිනෝ කරවන්නේ කවුද කියලා ඉතින් දන්නවනේ... ඕවත් ඉතින් ඔය මහලොකු නමට VIP කියන අයගේම මගෝඩි වැඩ තමයි...
ජාතික ලොතරැයි මණ්ඩලය සහ වෙනත් රජයේ ආයතන මගින් පාලනය වන සියලුම ලොතරැයි පත් විදේශ ගත ලාංකිකයනට විදේශ ක්රෙඩිට් කාර්ඩ් මගින් මාර්ගගතව විදේශ මුදලකින් මිලදී ගැනීමට වහාම ක්රමවේදයක් සැකසිය යුතුය. දිණුමක් හිමි වුවහොත් එය ලංකාවේ තමනට හිමි බැංකු ගිණුමකට බැරවන පරිදි නීති සැකසීමෙන් දිනපතාම නොසිතු ඩොලර් ප්රමාණයක් ලංකාවට ලැබෙනු ඇත.
රජයට ඩොලර් ලැබෙනවා නම් කැසිනෝ බැරි නම් විදේශිකයින්ට බූරුවා ගැස්සුවත් අපිට කමක් නැහැ. අපේ කට්ටියත් ඩොලර්වලට බූරුවා ගැහැව්වත් මට නම් කමක් නැහැ.
ධම්මික ඇමතිට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය
කෝ අර 2500 කරගහගෙන අපි තමයි සුපිරිම ජාතිය කියල හිතන මොලේ කොලොප්පම් කට්ටිය?
සූදූ දම්මික ට මල පනීද දන්නෑ