
(ඩයනා උදයංගනී)
මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා ඇති අතර, 2010 අංක 17 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙනයෑමට බලපත්‍ර දිය යුතු වේ.
එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන් මේ දක්වා එම පනත යටතේ කිසිඳු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැති බැවින් දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.
එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
ධම්මික පෙරේරා ආ ගමන් වැඩ...
ධම්මික පෙරේරා වැඩ අරඹයි. කැසිනෝ ධම්මික කිව්වේ නිකන් නොවෙයි නේ... ඊළඟට කැසිනෝ සිටි එකක් ඕනෑ කියලා ඉස්කෝල ඉඩම් නොගත්තොත් ඇති...!
ධම්මික පෙරේරාද මේක යෝජනා කළේ..?
කැසිනෝ සූදුව නංවන්න කියලා මේ හදිස්සියේ කෝටිගණන් ජනතා බදුමුදල් වියදම් කිරීම අතිවිශිෂ්ඨයි...
මුළු රටම දුරාචාරයට යොමු කරන්නයි එයාගේ උත්සාහය...
මොනවා නංවන්නත් ඉන්ධන තියෙන්න ඕනේ... මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් රටට අබ සරණයි..!
ගණිකා වෘත්තියත් ගෙනාවා නම් ඔක්කොම හරි...!
රට ගොඩගැනීමට ඕනෑම දෙයක් කළ යුතුයි...!
ඔව් අපිට කිසිම පරස්නයක් නැහැ . මොකක්ද ප්‍රශ්නය? ඕමි බලන කෙනා ඕමි බලනවා, බුරුවා ගහන මිනිස්සු බුරුවා ගහනවානම් කැසිනෝ හගන කෙනා කැසිනෝ ගැහැව්වාම ඇති වැරැද්ද මොකද? පන්සිල් පද පහට කැසිනෝ ගහන්න එපා කියලා සිල්පදයක් නැහැනේ.
මෙහි කවුද කමෙන්ට් කරලා තිබෙනවා හොඳ වැඩක් කියලා... අනේ දෙවියනේ සූදුව අනුමත කරන අයට ගිය රටක්... කැසිනෝ පිටුපස අපරාධ, ගණිකා, මත්ද්‍රව්‍ය තමයි ප්‍රතිඵල...