IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

(ගයාන් සූරිය ආරච්චි)

තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .

අගතියට පත් වූ නිලධාරීන් තිදෙනාද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් වන අතර ඉකුත් 24 වැනි දින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා තනිකඩ භට නිවස්නයේ රැඳී සිටියදී සැකකාර කොස්තාපල්වරයා විසින් ඇඳුම් ගලවන ලෙස නියෝග ලබාදී නිරුවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව සාපරාදි බලහත්කාරය පෑම, ලිංගික අතවර කිරීම, සාපරාදී බිය ගැන්වීම, අයුතු සිරකර තැබීම, කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (2)

කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

බකල ජයා Wednesday, 30 October 2024 08:55 AM

මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරල වාර්තාවක් ගත යුතුයි. පරපීඩක කාමුකයෙක් වගේ වැඩකරල තියෙන්නෙ. තමන්ගෙම නිලධාරීන්ට මෙහෙමනං, සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන්ම ගැහැණු අයට, ලමයින්ට මොනව නොකරයිද?

:       1       21

sam Wednesday, 30 October 2024 09:28 AM

මානසික අසහන කාරයෙක් .ආසු මාරයා වගේ එකෙක්

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site