
(ගයාන් සූරිය ආරච්චි)
තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .
අගතියට පත් වූ නිලධාරීන් තිදෙනාද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් වන අතර ඉකුත් 24 වැනි දින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා තනිකඩ භට නිවස්නයේ රැඳී සිටියදී සැකකාර කොස්තාපල්වරයා විසින් ඇඳුම් ගලවන ලෙස නියෝග ලබාදී නිරුවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව සාපරාදි බලහත්කාරය පෑම, ලිංගික අතවර කිරීම, සාපරාදී බිය ගැන්වීම, අයුතු සිරකර තැබීම, කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරල වාර්තාවක් ගත යුතුයි. පරපීඩක කාමුකයෙක් වගේ වැඩකරල තියෙන්නෙ. තමන්ගෙම නිලධාරීන්ට මෙහෙමනං, සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන්ම ගැහැණු අයට, ලමයින්ට මොනව නොකරයිද?
මානසික අසහන කාරයෙක් .ආසු මාරයා වගේ එකෙක්