IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට

(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් පොලිස් නිලධාරියකු මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ හලාවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් ( 100699 ) බන්නැහැක මුදියන්සේලාගේ සදුන් මධුරංග බණ්ඩාර (23) නම් අයෙකි.

ඔහු මහව නාගොල්ලාගෙම පදිංචිව සිටි අයෙකි.

ඉකුත් 10 වැනිදා අළුයම් කාලයේ ආණමඩුව - හලාවත මාර්ගයේ පල්ලම - පහලයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියාව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු 10 වැනිදා සවස 6.20 ට පමණ මිය ගොස් ඇත.

තම මිතුරෙකු හමුවීම සදහා පල්ලම ප්‍රදේශයට ගොස් ආපසු හලාවත බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්ව ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (2)

කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට

hesa Monday, 12 February 2024 02:21 AM

පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු..

:       0       0

hesa Monday, 12 February 2024 02:23 AM

පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු.. ඔහුට නිවන් සුවය ලැබේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site