
(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් පොලිස් නිලධාරියකු මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ හලාවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් ( 100699 ) බන්නැහැක මුදියන්සේලාගේ සදුන් මධුරංග බණ්ඩාර (23) නම් අයෙකි.
ඔහු මහව නාගොල්ලාගෙම පදිංචිව සිටි අයෙකි.
ඉකුත් 10 වැනිදා අළුයම් කාලයේ ආණමඩුව - හලාවත මාර්ගයේ පල්ලම - පහලයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියාව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු 10 වැනිදා සවස 6.20 ට පමණ මිය ගොස් ඇත.
තම මිතුරෙකු හමුවීම සදහා පල්ලම ප්‍රදේශයට ගොස් ආපසු හලාවත බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්ව ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු..
පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු.. ඔහුට නිවන් සුවය ලැබේවා!