IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ බව කපුගොල්ලෑව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 13 වැනිදාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.

පහර කෑමට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් දාහතරක් කට තුළට නෙරා ගොස් ඇති බවත් එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

අවුරුදු හතළිහක වයසේ පසුවන මෙම කාන්තාව ගේ අවුරුදු විසි එකක් වයස පුතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.

 



අදහස් (2)

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා

බද්රානි Tuesday, 16 April 2024 09:22 PM

මම නම් කියන්නේ ඔය වගේ අයව අල්ලලා කප්පාදු කළ යුතුයි... කෝ මේරටේ මහලොකු කාන්තා සංවිධාන..?

:       0       0

Lalla Wednesday, 17 April 2024 07:31 AM

මටනම් පෙනුනේ සමාජමය ප්‍රශ්නයක්.අවුරුදු දහනවයේදී මවක්වූ කාන්තාව...ලමාවිය ඉක්මවූ විගස ජීවන බර දරන්න සිදුවීම...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site