IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොස්තාපල් ගිය කාරයේ තහනම් යතුරු පැදියක කෑලි

(ඉන්දිකා රාමනායක)

මෙරට පැදීම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සි‍ටිති.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි බව ද පොලිසිය සඳහන් කරයි.

මුල්ලේරියාවේ පොලිස් කණ්ඩායමක් පෙරේදා (9) විශේෂ රාජකාරියක යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඉහත යතුරු පැදියේ කොටස් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ සැකකරුවන් තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් එක් සැකකරුවකු මෙම පොලිස් කොස්තාපල්වරයා බවට අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (0)

කොස්තාපල් ගිය කාරයේ තහනම් යතුරු පැදියක කෑලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site