IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට

(කේ. බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් පිය පුතු දෙපළක එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම පවුලේ මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිමෙන්ති පටවාගෙන කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයෙහි ටයරයක් පුපුරා එක්වරම ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වීමෙන් යතුරු පැදියෙහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම අලුබෝදල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 44 හැවිරිදි පියා සහ 08 හැවිරිදි පිරිමි දරුවෙකි.

කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site