IMG-LOGO

කංසා ගැසට්ටුව සති දෙකකින් එයි

(අංජුල මහික වීරරත්න)

මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදුවන අපහසුතා වලක්වා ගැනීමට විශේෂ කුළී රථ සංගම් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

 



අදහස් (10)

කංසා ගැසට්ටුව සති දෙකකින් එයි

ravin Wednesday, 27 September 2023 11:55 PM

අතිගරු ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිසයි .කෙසේ හෝ ශිෂ්ට සමාජ විෂමාචාර යැයි කැබිනට් ඇමතිධූරයක් ඇතිකරන්න .දැනටමත් සුදුසුකම් ලාබියෝ පසුබිම සකස්

:       1       3

ලසන්ත Thursday, 28 September 2023 06:36 AM

වවන්න ගැසට් පත්‍රය නිකුත්කලාට විතරක් මදි වවන අයට ළග තබාගන්න අවසරය තියෙන්නම ගැසට් කරන්න නැත්නම් ඉතින් වගාව විනාශ නොකලත් අස්වැන්න විනාශ කරාවිද කියලා හිතෙනවා

:       0       2

Asela Thursday, 28 September 2023 07:42 AM

කංසා වලට මාකට් එකක් දැනට ලෝක වෙළඳපලේ නැහැ , අපනයනය කරන්න පුළුවන් රටවල් දෙන තුනයි තියෙන්නේ එකට රටවල් සියයක් විතර තරඟ කරනවා , ලඟදි නිතිගත කරපු තායිලන්තයත් තවම අපනය කරලා ඩොලර් හොයල නැහැ , මිට වඩා හොඳ නැත්ද ලෝකෙම හොයන.ඉල්ලන අපේ "කුරුදු" ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන් විදිහට වගා කරානම් ,ඇයි මේ මෙයාගේ මේ තේරුමක් නැති යෝජනා වලට පාර්ලිමෙන්තුවේ කවුරුවත් විස්තර හොයල බලල අදහස් ප්‍රකාශකරන්නේ නැත්තේ

:       1       10

එතනෝල් බාවිතය අඩුවෙයි Thursday, 28 September 2023 08:20 AM

අරක්කු අඩු වෙයි

:       1       0

ashok Thursday, 28 September 2023 08:30 AM

කංසා වගාවට එරෙහි වන හාමුදුරුවරැන් පලමුව කංසා වගාව තහනම් කල‍ේ කවුදැයි සොයා බැලිය යුතුය. එය බෞද්ධ ප්‍රතිපත්තීන්ට නොගැලප‍ේ නම් පෙර රජවරැන් එය තහනම් නොකල‍ේ මන්දැයි විමසිය යුතුය. තංසා මෙන්ම ඕනෑම මත් ද්‍රව්‍යයක් අවභාවිතය හානිදායකය එනිසා වැලැක්විය යුත්තේ එයයි.

:       1       1

Pathiraja Kandalage Thursday, 28 September 2023 10:54 AM

දැන් ඉතින් කරන්න දෙයක් නැ. රට කාපු උන්ගේ සේරම. සාමාන්‍ය මිනිස්සුන්ට වේසකමේ යන්න උනේ. ඩයනට වැරද්දක් කියන්න බැ දුර්බික්ෂයක් ඇත ලග. ගස්වල අතු පොතු කන්න වෙනවට වඩා හොදයි කුමක් හෝ තෝරාගන්න එක.

:       2       2

prasanna Thursday, 28 September 2023 12:21 PM

නමට පමණක් සීමා වුන බෞද්ධ රටක් මේක .මේක හොඳ තීරණයක් . මීට වඩා අසික්කිත වැඩ මේ රටේ සිද්ධ වෙනවා

:       2       1

Rata Perata Thursday, 28 September 2023 12:23 PM

ඊට ඉස්සරවෙලා මෙන්න මේ කට වාචාල අනවසර ඇමති එළවලා දාමු

:       1       8

fairoos Thursday, 28 September 2023 12:38 PM

බයියන්ටනම් දැන් සැප තමයි

:       1       7

Kazi Shajahan Thursday, 28 September 2023 03:03 PM

දැන් එතකොට නිදාගන්නෙත් ත්‍රෛලෝක පත්‍ර දාපු ඇඳක් උඩද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site