IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොස් ගස් කැපූ සමූපේ කළමනාකාරවරයකු දැලේ

(රවින්ද්‍ර  ප්‍රභාත් නෙත්තසිංහ)

කොස් ගස් දෙකක් අනවසරයෙන් කපා දැමීම හේතුවෙන් වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ ගබඩා සංකීර්ණය බාරව සිටින කළමණාකරු සහ තවත් අයෙකු අද (13) සවස අත් අඩංගුවට ගත බව වාරියපොල පොලිසිය කියයි.

වාරියපොල සමුපකාරයේ ගබඩා සංකීර්ණයේ ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් පැවැති ශ්‍රමදානයකදී මෙසේ කොස් ගස් දෙකක් කපා දමා ඇති බවට පසුගිය 06 වන දින පොලිස් 119 අංශයට පැම්ණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.

මෙම ශ්‍රමදානය සඳහා සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී ඇතිබවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ වලදී අද (13) දිනයේ ගබඩා පරිශ්‍රයේ කළමණාකරු ඇතුළු පිරිසක් පොලිසියට කැඳවා සිදුකළ පරීක්ෂණ  වලින් අනතුරුව දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. 

වාරියපොල සමුපකාරය ජාතික ජනබළවේගයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි.



අදහස් (3)

කොස් ගස් කැපූ සමූපේ කළමනාකාරවරයකු දැලේ

kotiya Sunday, 14 July 2024 03:35 AM

කෝ මේ හැම නිව්ස් එකකටම කොමෙන්ට් කොටන මාලිමාවේ සහොදර සහොදරියෝ ටික? මේ නිව්ස් එකට කොමෙන්ට්ස් නෑ?

:       4       6

Nilantha Sunday, 14 July 2024 05:47 AM

පේනවා නේද මාලිමාව රටේ පවතින නීතිය බල්ලට දමා කටයුතු කරන පිරිසක් කියලා ඔවුන්ට රටේ පාලනය දීමට උනන්දුවක් දක්වන ගොබිලන්ට 1971 සිට අද දක්වා කල විනාශ ගැන සිතන්න බැරිනම් ඔය ඉතාමත් සුලු විනාශය ගැන බලා හෝ මාලිමාව ගැන තියෙන අදහස අත් හැර රට ගැන හිතන්න කියලා කියන්න කැමතියි මේ සදහා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න නොතියා රට ගැන හිතපල්ලා මාලිමාව පරාජයට පත්කරපල්ලා

:       6       6

Pujitha Sunday, 14 July 2024 08:52 AM

නීතිය ප්‍රාෙද්ශීය මට්ටම දක්වා ගෙනියන්න ඇති...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site