(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කොස් ගස් දෙකක් අනවසරයෙන් කපා දැමීම හේතුවෙන් වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ ගබඩා සංකීර්ණය බාරව සිටින කළමණාකරු සහ තවත් අයෙකු අද (13) සවස අත් අඩංගුවට ගත බව වාරියපොල පොලිසිය කියයි.
වාරියපොල සමුපකාරයේ ගබඩා සංකීර්ණයේ ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් පැවැති ශ්‍රමදානයකදී මෙසේ කොස් ගස් දෙකක් කපා දමා ඇති බවට පසුගිය 06 වන දින පොලිස් 119 අංශයට පැම්ණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.
මෙම ශ්‍රමදානය සඳහා සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී ඇතිබවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ වලදී අද (13) දිනයේ ගබඩා පරිශ්‍රයේ කළමණාකරු ඇතුළු පිරිසක් පොලිසියට කැඳවා සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
වාරියපොල සමුපකාරය ජාතික ජනබළවේගයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ හැම නිව්ස් එකකටම කොමෙන්ට් කොටන මාලිමාවේ සහොදර සහොදරියෝ ටික? මේ නිව්ස් එකට කොමෙන්ට්ස් නෑ?
පේනවා නේද මාලිමාව රටේ පවතින නීතිය බල්ලට දමා කටයුතු කරන පිරිසක් කියලා ඔවුන්ට රටේ පාලනය දීමට උනන්දුවක් දක්වන ගොබිලන්ට 1971 සිට අද දක්වා කල විනාශ ගැන සිතන්න බැරිනම් ඔය ඉතාමත් සුලු විනාශය ගැන බලා හෝ මාලිමාව ගැන තියෙන අදහස අත් හැර රට ගැන හිතන්න කියලා කියන්න කැමතියි මේ සදහා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න නොතියා රට ගැන හිතපල්ලා මාලිමාව පරාජයට පත්කරපල්ලා
නීතිය ප්‍රාෙද්ශීය මට්ටම දක්වා ගෙනියන්න ඇති...!